විදෙස් මුදල් ජාවාරම් අල්ලන්න පොලීසියෙන් නව සැලැස්මක්

විදෙස් මුදල් ජාවාරම් අල්ලන්න පොලීසියෙන් නව සැලැස්මක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ඉල්ලීමකට අනුව විදේශ මුදල් ජාවාරම්වල යෙදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වෙනම කණ්ඩායමක් පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය බැංකු පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරුව සිදු කරන පුද්ගලයන් මෙන්ම විවිධ භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවිධිමත් ක්‍රම සඳහා පොළඹවාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී මෙම ඒකකය මගින් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පවත්වනු ලබන මහජන දිනය සැප්තැම්බර් 7 වනදා සිට සෑම සතියකම බදාදා දින පැවැත්වීම කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.