විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවස්ථාව උදා වෙයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවස්ථාව උදා වෙයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

නීත්‍යනුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙලෙස වාහන ආයනයන කිරීමට ඉඩ සලසා දී තිබේ.

ඒ අනුව, මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමි වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පැවසීය.

විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබා දීමට අදාළ සීමා, කොන්දේසි සහ සම්පූර්ණ කළ යුතු නිර්ණායක පහතින් ඇති චක්‍රලේඛයේ දැක්වේ.

1

2

3

4