විදෙස්ගත ඔබට වැදගත් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි

විදෙස්ගත ඔබට වැදගත් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමෙන් පසුව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ ගැටලු යොමුකිරීම සහ තොරතුරු ලබාගැනීමට දුරකථන අංක තුනක් එලෙස හඳුන්වාදී ඇති බවය.

ක්ෂණික ඇමතුම් අංකය - 0773 039 034 
ප්‍රබෝධ කග්ගොඩ ආරච්චි - 0112 368 175

තොරතුරු විමසීම,
විදේශ රැකියා අමාත්‍යාංශය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)
0112 582 447 

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙක්ට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාගෙන තිබේ. 

ඒ අනුව 2022 මැයි 01 වනදා සිට 2023 අප්‍රේල් 30 වනදා දිනය දක්වා අමෙරිකානු ඩොලර් 3,000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු CIF අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවේ. 

2022 මැයි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකිය.

ඒ අනුව ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථයක් හෝ ටිපර් රථයක් ආනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.

මෙම වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම සඳහා වන අයදුම්පත්‍ර මේ වනවිට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබේ. 

එම අයදුම්පත්‍ර සම්පූර්ණ කර අදාළ සියලුම ලිපි ලේඛන සමග කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.