ජපානයේ අනිවාර්යය රැකියා අවස්ථා හිමි වන උපාධි වැඩසටහනක්

ජපානයේ අනිවාර්යය රැකියා අවස්ථා හිමි වන උපාධි වැඩසටහනක්

මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ අනිවාර්යය රැකියා අවස්ථා හිමි වන උපාධි ප්‍රදානය කෙරෙන වැඩසටහන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය මෙය ක්‍රියාත්මක කරයි. මහරගම ඉදිකෙරුණු මෙම නව ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සඳහා පිළිගත් විද්‍යාවේදී උපාධි ප්‍රදානය කරන ආයතනයකි.

රටට අවශ්‍ය මොහොතක මෙවැනි උපාධි වැඩසටහන් හඳුන්වාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා එම ආයතනය වෙත ස්තූතිය පළකලේය.

තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන අවස්ථා මෙන්ම මෙරට තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වැඩසටහන් සඳහා ද මෙම විශ්ව විද්‍යාලයේ සහාය ලබාගත හැක. මෙහි අධ්‍යාපනය ලැබීමෙන් ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුඑල් වෘත්තිය අවස්ථා ලබාගැනිමට අවශ්‍ය කුසලතාව සහ පුහුණුව සිසුන්ට ලබාදීම සහතික කරයි.