විදෙස් ශ්‍රමිකයන් සඳහාවන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ.

විදෙස් ශ්‍රමිකයන් සඳහාවන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ.
විදෙස්ගත ශ්රමිකයන් නීත්යානුකූලව බැංකුව හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්රයේ පළමු බලපත අද 20) කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා විසින් ප්රදානය කර ඇත .
 
ඒ පළමු ආනයන බලපත්ර වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්රමිකයාගේ බලයලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙතයි.
 
1
 
මේ වන විට විද්යුත් වාහන ආනයන බලපත්ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, විදෙස්ගත ශ්රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව විමසීම් කරන බවත් අමාත්යවරයා එහිදී ප්රකාශ කළා.
 
මෙරටට යොමු කරන ලද ප්රේෂණ නීත්යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමු කර තිබීමත්, මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බවත් පැවැසූ ඇමැතිවරයා මෙසේ යොමු කරන හෝ යොමු කළ මුදලින් හරි අඩක මුදලකට යතුරු පැදිය හෝ මෝටර් රථය ගෙන්වා ගත හැකි බව ද ප්රකාශ කර තිබෙනවා.
 
මෙහිදී අවසරය ඇත්තේ විද්යුත් වාහන ගෙන්වීමට පමනක් බවත් ඒවා පාවිච්චි නොකළ වාහන වියයුතු බවත් එසේ නොමැති නම් brand new තත්ත්වයේ හෝ ධාවන දුර කිලෝමීටර ‘0‘ වීම අවශ්ය ය. එසේම පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ ආනයනය කිරීමත් අනිවාර්යවේ.
 

ගෙන්වන වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සදහා අවම වශයෙන් වසර තුනක වත් නිෂ්පාදකයාගේ, ආනයනකරුවාගේ සහ අපනයනකරුවාගේ වගකීමක් තිබිය යුතු බවටත් ජාත්යන්තර විදුලි වාහන මාර්ග ආරක්ෂණ ප්රමිතීන් සහ අනුමත සම්මත ක්රියාපටිපාටින්ට අනුකූල ව බැටරිය බැහැර කෙරෙන බවටත් සහතික වීම අවශ්යය .මෙරටට එවූ ප්රේෂණ රුපියල්වලට පරිවර්තනය කර මේ සදහා වන බදු මුදල් ගෙවිය හැකියි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුකූලතාවන්ටත් යටත් වියයුතුයි. මෝටර් රථයක් නම් එක් වරක් චාර්ජ් කළ පසු අඩු ම කිලෝමීටර් දෙසීයක දුරක් ධාවනය කළ හැකි විය යුතුයි. ඒ ලෙසම මෙරටට ප්රේෂණය කළ සියලු මුදල් පිළිබද වාර්තාවක් ද අදාළ බැංකුව හරහා ඉදිරිපත් කළ යුතු වේ.