කටාරයේ රැකියා අපේක්ෂාවෙන් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට

කටාරයේ රැකියා අපේක්ෂාවෙන් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට

කටාරයේ රැකියා අපේක්ෂාවෙන් විශාල පිරිසක් පසුගිය සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින තුළ කොළඹදී සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී තිබෙන බව වාර්තා වේ.

Qatar Airways හි පුරප්පාඩු සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර මේ සඳහා විවිධ ප්‍රදේශ වලින් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පැමිණ තිබුණ අතර ඒ හෙතුවෙන් විශාල පෝලිම් නිර්මාණය වී තිබුණු බවත් සඳහන්.

වර්තමානයේ ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට බොහෝ පිරිස් එතෙර රැකියා සඳහා යාමේ ප්‍රවණතාවය මතුව තිබෙන අතර රැකියා ලබා දෙන ඒජන්සි,කොළඹ පිහිටි තානාපති කාර්යාල මෙන්ම පාස්පෝට් දෙපාර්තමේන්තුවේද දිගු පෝලිම් නිර්මාණය වීම සාමාන්‍ය දෙයක් වී තිබේ.