නීතිවිරෝධී ලෙස රට පනින්න ගිය පිරිසක් දැලේ

නීතිවිරෝධී ලෙස රට පනින්න ගිය පිරිසක් දැලේ
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
 
ඊයේ (22) රාත්‍රියේ මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරය අවට සිදුකළ සෝදිසිකිරීමක දී නාවික හමුදාව විසින් මෙම පිරිස සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12දෙනෙකු සිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.
 
මෙම සැකකරුවන් වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය කියා සිටියි.
 

ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.