විගමණික ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විගමණික ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණාවරණය සලසා දීම සඳහා සුදුසු රක්ෂණ ආයතන තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම සඳහා 2021.05.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

යෝජිත රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වැය නොකරන අතර ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයකන් විදේශගත වීමේ දී ඔවුන් වෙත රැකියා ලබා දෙනු ලබන සේවායෝජකයා විසින් ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන රක්ෂණ ආයතනයක් මගින් එකී රක්ෂණාවරණය ලබා දිය යුතු වේ.

ඒ අනුව, යෝජනා ඉදිරිපත් කරන රක්ෂණ ආයතන 09ක් අතුරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් රක්ෂණ ආයතන 06 ක් නිර්දේශ කරනු ලැබ ඇත.

එකී රක්ෂණ ආයතන සමඟ විධිමත් ගිවිසුම්වලට එළඹීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත බලය පැවරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.