කෘෂි කර්මාන්ත අංශයෙන් කොරියන් රැකියා සඳහා නැවත දොරටු විවෘත වෙන ලකුණු

කෘෂි කර්මාන්ත අංශයෙන් කොරියන් රැකියා සඳහා නැවත දොරටු විවෘත වෙන ලකුණු
කොරියානු නව රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට විවෘත කර දෙමින් කෘෂි ක්ෂේත්‍රයේ කෙටි කාලීන රැකියා අවස්ථා සදහා අවස්ථාව ලබාදීමට අපි පූර්ණ එකගතාවය පළකර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම තීරණයත් සමඟ කොරියානු රැකියා සදහා ලබාදෙන ඊ - 8 වර්ගයේ වීසා බලපත්‍ර ලබාගෙන කෙටි කාලීන රැකියා අවස්ථා සදහා කොරියාවට පිටත්ව යාමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවස්ථාව උදාවන අතර මෙම ශ්‍රමිකයින් විශේෂ නීතිමය රාමුවක් යටතේ අධීක්ෂණයට ලක් කිරීමට කටයුතු  කරන බවත් සඳහන්.
1
 
2

ඒ සම්බන්ධයෙන් කොරියානු බදවා ගැනීමේ නියෝජිත ආයතන කිහිපයක් සමග සාකච්ඡා කරනු ලැබූ බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා ප්‍රකාශකර ඇත්තේ.