විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
 
එසේම ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස  11 ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3313.9 ක මුදලක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.
 

එපමණක් නොව  විරැකියා අනුපාතය 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක් බවත්, එය දෙවැනි කාර්තුවේ සියයට 4.6 ක් දක්වා වැඩි වී ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.