විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් දැලේ

විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙක් දැලේ
විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හා සැකකාරියක හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
අදාළ සැකකරුවන් දෙදෙනා විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් රුපියල් ලක්ෂ 59කට අධික මුදලක් ලබාගෙන මුදල් හෝ රැකියාව ලබා නොදී වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් හලාවත පොලිසියට පැමිණිලි 06ක් ලැබී තිබේ. 
 
ඒ් අනුව සිදු කළ විමර්ශනවලින් පසු ඊයේ(09) සවස මෙලෙස ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 45ක්වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය වී ඇත.
 

සැකකරුවන් ඊයේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.