ඊශ්‍රායලයේ පිරිසකට අතින් ගුවන් ටිකට් පත් පිරි නැමේ

ඊශ්‍රායලයේ පිරිසකට අතින් ගුවන් ටිකට් පත් පිරි නැමේ

ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යැවීමට ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව, ඒ සඳහා සුදුසුකම් ලැබූ තවත් රැකියා ලාභීන් පිරිසකට ගුවන් ට්කට්පත් පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතාගේ අතින් නාරාහේන්පිට අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිනි.

මේහිදී අදහස්  දැක්වූ අමාත්‍ය වරයා ප්‍රකාශ කලේ ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා යාමට ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 574000 පමණ සහනදායී මුදලක් බවත් එය මොවුන්හට එක මසකින් ඉපයීමට හැකිවන බවත්ය. වතමානයේ ඩොලරයේ අගයත් සමග පෞද්ගලික ඒජන්සි ආයතන මගින් විදේශගත වන්නේනම් ලක්ෂ 60 ට අදික මුදලක් ගෙවීමට සිදුවන බවත්,එය ඉපයීමට වසරක කාලයක් සේවය කලයුතු බවයි.  මෙය පෞද්ගලික අංශයටද විවෘත  කරන ලෙස ඉල්ලීම්  ලැබුනත් රජය මගින් පමණක් බඳවා ගැනීම ඊශ්‍රායල් රජයේ තීරණයක් වන අතර එයට  බලපෑම් කල නොහැකි බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය

මේ අවස්ථාවේදී රැකියාලාභීන් හත් දෙනෙකුට ගුවන් ටිකටිපත් පිරි නැමූ අතර ඔවුන් සියලු දෙනා මෙම මස 26 වන දින විදේශ ගත වීමට නියමිතය.  මෙම වසරේ සිට රාජ්‍ය සේවකයින් හට සේවයන් ඉවත් නොවී    නිවාඩු ලබා විදේශ රැකියා සඳහා යාමට රජය විසින් අනුමැතිය ලබාදුන් අතර  මේ අතරින් පස් දෙනෙකුම රාජ්‍ය සේවයේ නියුතුව සිටියදී නිවාඩු ලබා ගෙන විදේශ රැකියා සඳහා පිටත්ව යන අය වේ.