ලාංකිකයින් සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා රැසක් -මේ අවස්ථාව මඟ හැර ගන්න එපා

ලාංකිකයින් සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා රැසක් -මේ අවස්ථාව මඟ හැර ගන්න එපා
ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතන සමඟ එක්ව ඇමරිකාවේ රැකියා අවස්ථා 550ක් ලබා ගැනීමට වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබෙන බව වාර්තා වේ.
 
එමඟින් හෙදියන් 250කට රසයනාගාර කාර්මික ශිල්පීන් 100කට හා හෙද සහයකයින් 200කට ඇමරිකාවේ රැකියා ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි එරට පිහිටි ලක් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.
 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක්වන SLFEA ආයතනය විසින් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.