නව තනාපතිවරුන් හා කොමාරිස්වරුන් නව පත්වීම් ලබයි

නව තනාපතිවරුන් හා කොමාරිස්වරුන් නව පත්වීම් ලබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් පසුගියදා පත් කරනු ලැබීය. .

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නව දූත මණ්ඩල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අදාළ රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනිම සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීම, සංචාරක කරමන්තය ප්‍රවර්ධන, කෘෂිකාර්මික රැකියා අවස්ථාව පුළුල් කිරීම, පුහුණු සංක්‍රමණ, අධ්‍යාපන සහ සමුද්‍රීය ගැටලු විසඳා ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්විය.

මෙහිදී ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිත්‍රාංගනී වාගීස්වර, ප්‍රංශ‍යේ තානාපති ලෙස පත් කෙරුණු මනීෂා ගුණසේකර, බහරේන් තානාපති ලෙස පත් කෙරුණු එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස්, වියට්නාමයේ තානාපති ලෙස පත් කෙ‍රුණු ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස්, ජර්මනියේ තානාපති ලෙස පත්කෙරුණු වරුණි මුතුකුමාරණ, ලෙබනනයේ තානාපති ලෙස පත් කෙරුණු කපිල ජයවීර, ඊශ්‍රායලයේ තානාපති ලෙස පත්කෙරුණු එම්.එච්.එම්.එන්. බණ්ඩාර, ඉතියෝපියාවේ තානාපති ලෙස පත් කෙරුණු කේ.කේ.ටී. කුමාරසිරි, ජෝර්දානයේ තානාපති ලෙස පත් කෙරුණු ප්‍රියංගිකා විජේගුණසේකර, පිලිපීනයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය චානක එච්.තල්පහේවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කෙරුණු උදය ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, තිරසර සංවර්ධන හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.