විදේශ රැකියා සඳහා පුහුණුලාභීන් දිරිමත් කරමින් රුපියල් ලක්ෂයක්

විදේශ රැකියා සඳහා පුහුණුලාභීන් දිරිමත් කරමින් රුපියල් ලක්ෂයක්
වෘත්තිය පුහුණුව සහිත ශ්රී ලාංකිකයින් වැ­ඩි වශයෙන් ඉහළ වටිනාක­මක් සහිත රැකියා සඳහා යොමු කිරිමට සහ දිරි ගැන්වීමට,රුපියල් ලක්ෂයක (රු 100,000.00) උපරිමයකට යටත්ව දිරි­ගැන්වීමේ​ ගෙවීමක් ( ප්රතිපූර්ණ ) කිරීමට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 ජනවාරි 16 දින සිට ආරම්භ කර ති­බේ.
 
මේ අනුව ජපානයේ විශේෂ නිපුණතා සහිත සේවකයින් වශයෙන් SSW කාණ්ඩයේ රැකියා හෝ අවම වශයෙන් NAT – 4 හෝ JLPT (N-4) යන විභාගයකින් සමත්ව සීමාවාසික තාක්ෂණික පුහුණුලාභියෙකු වශයෙන් පුහුණු අවස්ථා සඳහා යොමුවන ශ්රමිකයින්ට ඇතුළු අනෙකුත් රටවල පහත සඳහන් කර ඇති ක්ෂේත්රයන්හි වෘත්තිය රැකියා සඳහාද මෙම වැඩපිළිවෙල ක්රියාත්මක කෙරේ.
 
1. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය (Information Technol­ogy Sector)
2. සාත්තු සේවක ක්ෂේත්රය (Caregiver Sector)
3. ආගන්තුක සත්කාර ක්ෂේත්රය (Hospitality Sector)
4. මූල්ය හා අලෙවිකරණ ක්ෂේත්රය (Finance & Marketing Sector)
5. කාර්මික ශිල්පීය ක්ෂේත්රය (Technical Sector)
6. ඉදිකිරීම් ක්ෂේත්රය (Construction Sector)
 
ඉහත සඳහන් කර ඇති රැකියා සඳහා යොමුවීමට අව­ශය සුදුසුකම් සපුරා ගැනීම සඳහා වැය කරන ලද පාඨමාලා හැදැරීමේ ගාස්තු හෝ විභාග ගාස්­තු සඳහා වැය කරන ලද වියදම් අතුරින් 75% ක වටිනාකම හෝ රුපියල් ලක්ෂයක (රු 100,000.00 ) උපරිමයකට යට­ත්ව, එම වියදම් අතුරින් අවම අගය කාර්යාංශය මගි­න් ප්රතිපූර්ණය කර ගැ­නීමට මෙමගින් අවස්ථාව සැලසේ.ඒ අනුව, එම මුදල විදේශ රැකියාව සඳහා යාමට කාර්යාංශ­යේ ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව රැකි­යා අපේක්ෂිතයාට ගෙවීමට කාර්යාංශය පියවර ගනු ලබන අතර, ඒ සඳහා පහත ලේඛන ඉදි­රිපත් කළ යුතුවේ.
 
1. කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් කළ ගමන් බලපත්රයේ පිටපතක්
2. පාඨමාලා ගාස්තු හෝ වි­භාග ගාස්තු ගෙවූ බවට අදාල බිල්පත්වල මුල් පිටපත් හෝ අදාල ආයතන­යෙන් සහතික කළ පිටපත්
3. සමත්වූ විභාගවල සහතික කළ පිටපත් (දිව්රුම් කොමසාරිස්වරයෙකු හෝ නීතිඥවරයෙකු විසින් සහතික කළ යුතුය)
4. මුදල් ප්රතිපූර්ණය කි­රීම සඳහා අයදුම්කරුගේ බැංකු ගිණුමේ විස්තර සහිත පැහැදිලි පිටප­තක්
 
මේ පිළිබඳව වැඩි විස්­තර කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්යස්ථානය ඇමතීම මගින් ලබාගත හැකිය. එසේම, පහත සඳහන් අංශය වෙතින් වැඩි විස්තර සහ තොරතුරු ලබා ගැනීමට සහ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
 
කළමනාකරු - කර්මාන්ත හා ආයතනීක අංශය,
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ,
අංක 553/1,නව නුවර පාර,
තාලාහේන (උතුර),
බත්තරමුල්ල
දුරකථන අංක 0112791833 , 0112073306
ෆැක්ස් අංක 0112187470 , 0112073306
ඊමේල් Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.

(කරුණකර මෙම අවස්ථාව පිළිබඳව, පහතින් සටහන් කර තිබෙන, සුදුසුකම් සහිත ශ්රී ලාංකිකයන් වෙතට මෙම පණිවිඩය යොමු කරන්න.)

 

migrant