පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක් විගමනික ශ්‍රමික දායකත්වයෙන්

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක් විගමනික ශ්‍රමික දායකත්වයෙන්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විවිධ රටවල සේවයේ නියුතු විගමනික ප්‍රජාව, රැකියාව නිමවා මෙරටට පැමිණි අය සහ සියළුම විගමනිකයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුබසාධනය සහ  ආරක්ෂාව වෙනුවෙන් කාර්යංශය විසින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබයි. එයට අමතරව, කාර්යාංශයේ සුබසාධන අංශය මගින් “පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම” යන ව්‍යාපෘතිය රට තුල දැනට පවතින ඖෂධ හිගය හේතුකොටගෙන 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සුබසාධන කටයුත්තක් සේ ක්‍රියාත්මක කරනු ලබන දිප ව්‍යාප්ත  වෛද්‍ය කඳවුරු පැවැත්වීමට අනුව, හදුනාගන්නා ලද වැඩිවශයෙන් පිළිකා රෝගී තත්වයෙන් පෙලෙනු ලබන විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙසේ තම රෝගී තත්වයන්ට ඖෂධ නොමැතිවීම මත දැඩි අසහනකාරී තත්ත්වයකටපත්ව ඇති බවට ලද තහවුරුවකට අනුව ඒ සඳහා ඔවුනට සහනයක් වශයෙන් අවශ්‍ය ඖෂධ ලබා දීමට අවශ්‍ය අරමුදල් සපයා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකල, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු අමාත්‍ය  මනූෂ නානායක්කාර මැතිතුමාගේ උපදෙස් අනුව, එම රෝගී තත්වයෙන්  පෙළෙන  සියළුම රෝගීන් සඳහා “පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ සැපයීමේ” අරමුදලක් පිහිටුවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධික්ෂණයෙන් යුතුව අදාල අරමුදල සඳහා දායක වීමට කාර්යංශය මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දැනුම් දී ඇත.

නව ව්‍යාපෘතියට අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් විශේෂව පවතින ගිණුම සඳහා රුපියල් මිලියන පන්සියක් (500 Mn ) ලබාදීම ඉලක්කය වන අතර, එහි පළමු තැන්පතුව ලෙස රැපියල් මිලියන සියයක (100 Mn ) මුදලක්, මෙතෙක් විදේශ රැකියා සඳහා කාර්යංශ ලියාපදිංචිය ලබා ගනිමින් යොමුවන ලද සියළුම විගමනික ප්‍රජාවගේ දායකත්වය නියෝජනය කරමින් ලබා දීමට කාර්යංශ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද ලබා දී ඇත.මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් මිලියන 400 ක මුදල (400 Mn) විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරනු ලබන අතර, එමගින් මෙම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවට කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂාව වේ.

මෙම ව්‍යාපෘතියේ  ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ වෛද්‍ය (සැපයුම්) කපිල මහතාගේ සහභාගීත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.01.20 වන දින කාර්යංශයේ පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී එම්.ආර්.සී.බී. ඒකනායක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුබසාධන ජගත් බටුගෙදර  සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගුවන් තොටුපල හා ප්‍රචාරක අයි.පතිනායක අතුළු ඉහල තළමණාරීත්වයේ නිලධාරීන්ද සහභාගි විය.