අමාත්‍යංශ ලේකම්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නෙදර්ලන්තයේ රැකියා ජාවාරමක්

අමාත්‍යංශ ලේකම්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නෙදර්ලන්තයේ රැකියා ජාවාරමක්

ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා...

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සන හා අමාත්‍යංශ ලිපි ශීර්ෂය ව්‍යාජ  ලෙස භාවිතා කරමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්, එම ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කම්කරුවා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් කිසිදු පුද්ගලයෙකු විදේශ රැකියා සඳහා යොමු නොකරන බවද, රැකියා සඳහා විදේශගත කිරීම් සිදුකරනු ලබන්නේ නීත්යාකනුකූල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බවද අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි. කිසිදු පුද්ගලයෙක් විදේශ රැකියාවක් සඳහා යොමු කරන බවට අමාත්‍යංශ ලේකම්වරයා සිය අත්සනින් කිසිදු ලිපියක් නිකුත් කර නොමැති බවද අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

මෙසේ සිය ව්‍යාජ අත්සන යොදාගෙන විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ පවත්වන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද යොමු කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්රිායාත්මක කිරීමට අමාත්යාංනශය කටයුතු කරමින් සිටියි.

විදේශ රැකියාවලට යොමුවීමේ දී අදාළ රැකියා නියෝජිත ආයතනය නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද නැද්ද යන්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසා තහවුරු කරගැනීමෙන් පසුව පමණක් විදේශ රැකියාවලට යොමු වන ලෙසද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය  මහජනතාවගෙන් ඉල්ලා සිටියි.