ලාංකික ශ්‍රමිකයින්ට ඉතාලියේ රැකියා අවස්ථා ලැබෙයි

ලාංකික ශ්‍රමිකයින්ට ඉතාලියේ රැකියා අවස්ථා ලැබෙයි

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉතාලියේ රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරිමේ ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

 ශ්‍රී ලංකාව වෙත ඉතාලියේ සංචාරකයින් වැඩි වශයෙන් යොමු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද එරට එකගතාවය පළ කර ඇති බව සදහන් වේ.

 මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රයේ මූලික දායකත්වය ලබාදෙන අතර එම ක්‍ෂේත්‍රය සංවර්ධනය සදහා දායකත්වය ලබාදෙන බව ඉතාලි රජය ප්‍රකාශ කර ඇත.