ජපානයේ අනතුරකින් ලාංකීය තරුණයෝ දෙදෙනකු මරුට

ජපානයේ අනතුරකින් ලාංකීය තරුණයෝ දෙදෙනකු මරුට

ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මිතුරන් දෙදෙනකු වන මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී තිබේ.

මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ සහ හලාවත ප්‍රදේශයේ පදිංචි රජිත ලක්මාල් සඳරුවන් යන තරුණ දෙදෙනෙකි.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.