විදෙස් ශ්‍රමිකයින්ට ලබා දෙන තීරුබදු සහනය ඉහළට

විදෙස් ශ්‍රමිකයින්ට ලබා දෙන තීරුබදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මකයි.

ඩොලර් 2400ත්-4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 4800ත්-7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 7200ත්-11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 12,000ත්- 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් මෙන්ම, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා  (03) දින  කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.