
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ පැවැත්වූ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වීය. කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අලෙවිකරණ අංශය ඒකාබද්ධව, දේශීය තරුණ තරුණියන්ට විදේශ රැකියා අපේක්ෂාවන් ඉටු කරගැනිමට අවස්ථා ලබාදීම අරමුණු කරගෙන මෙම රැකියා පොළ පවත්වන ලදි.
මෙම වැඩසටහන විදේශ රැකියා සොයන්නන් විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක්වූ අතර, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමට සහ විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලාවන්ට අදාළ මගපෙන්වීම ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදුන්නේය. විදේශ රැකියාවට අවශ්‍ය කරන අදාළ සහතික සහ වෘත්තීය කුසලතා ලබාගැනීම පිළිබඳ වටිනා තොරතුරුද එය සපයන ලදී. විශේෂයෙන්, මෙම වැඩසටහනේදී විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීම සහ විදේශ රැකියාවල නිරතව සිට යළි පැමිණි ශ්‍රමිකයන්ගේ ස්වයං රැකියා අවස්ථා සඳහා මුල්‍යාධාර ප්‍රදානය කිරිම වැනි විශේෂ මුල පිරීම්ද ඇතුළත්විය.
මෙම උත්සවයේ ප්‍රධාන කැපී පෙනෙන සිදුවීමක් වූයේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ හෝටල් පාසල වැනි රජයේ පිළිගත් ආයතනවල සහභාගීත්වයයි. එමඟින් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය රැකියා සඳහා බඳවාගැනීම් පහසු කරවන ලදී.
රැස්ව සිටි පිරිස ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන අගය කළ අතර, සංක්‍රමණික සේවකයින් නැවත මව් රටට පැමිණි පසුවත් ඔවුන්ගේ දරුවන්ට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය. විදේශ රැකියා සොයන අය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර පසුගිය පාලනය යටතේ සිදුවී අක්‍රමිකතා පිළිබඳ ගැටළු විසඳීම සඳහා විනිවිද පෙනෙන බඳවාගැනීමේ ක්‍රියාවලියක අවශ්‍යතාවය අවධාරණය කළේය.
දූෂණය, වංචාව සහ නාස්තිය ඵලදායී ලෙස විසඳාගැනීම සහතික කරමින්, ඊළඟ පරම්පරාවට සමෘද්ධිමත් අනාගතයක් ඉතිරිකිරීම සඳහා රට ප්‍රගතිශීලී මාවතකට ගෙන යාමට රජයේ කැපවීමද හේමචන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය.
විදේශ රැකියා සහ වෘත්තීය පුහුණුව සඳහා ඉදිරිපත්කර ඇති නව අවස්ථා පිළිබඳව සහභාගිවන්නන් තුළ සුභවාදී අදහස් ජනිත කරමින් රැකියා ප්‍රදර්ශනය සාර්ථකව අවසන්විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරි ප්‍රියන්ත විරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එච්. ඩබ්. සමන්ත, කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිලෝමි කන්නන්ගර, අලෙවිකරණ අංශයේ කළමනාකරු රසික සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වී සිටියහ.