රටින් පැන යාම සියයට 30න් වැඩිවෙලා

රටින් පැන යාම සියයට 30න් වැඩිවෙලා
ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද සියයට 30කින් පමණ  වැඩිවී ඇතැයි  ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
 
විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙම පැනයෑම සුලබව  සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි  නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි  නාවික හමුදාව කියා සිටියි.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද, ඒ සම්බන්ධයෙන්  මේ දිනවල නිරන්තර සෙවිල්ලෙන්  පසුවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන්  දුෂාන් විජේසිංහ මහතා කියා සිටියි.
 

 
 

 
ආර්ථික ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම උතුරේ ප්‍රදේශවලින් ජනතාව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට හොර රහසේ පැන යෑමද ශීඝ්‍රයෙන් වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
 
පසුගිය කාලයේදී උතුරේ පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසක්   මේ ආකාරයට  ඉන්දියාවට පලා ගොස් ඇති අතර කිහිපදෙනෙකු එසේ පැන යෑමට උත්සාහ උත්සාහ දැරූ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස පැන යෑම සඳහා සමහර පුද්ගලයන් විවිධ බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ඇතැයි පැවසෙන අතර මේ හේතුවෙන් එම යාත්‍රා සම්බන්ධයෙන්ද මේ දිනවල  විශේෂ සෝදිසියකින් පසුවන බව ආරක්ෂක අංශ පවසයි.