ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැන්නුව අයෙක් 30 තෙක් රිමාන්ඩ්

ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැන්නුව අයෙක් 30 තෙක් රිමාන්ඩ්
මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් රැගෙන යන මිනිස් ඡාවාරමකට සම්බන්ධ අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
දික්වැල්ල, නිල්වැල්ලේ පදිංචිකරුවෙකු වන ඉමේෂ් ඉන්දික නැමැති විසිපස් හැවිරිදි මෙම සැකකරුව මීගමුව අධිකරණයට ඊයේ (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කැර ඇත.
 
ඉකුත් සැප්තැම්බර් මස තංගල්ල කුඩා වැල්ලෙන් අනවසර සංක්‍රමණිකයන් 41 දෙනෙක් රැගෙන ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කළ බහුදින යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මීගමුවට රැගෙන විත් පොලිසියට භාරදී තිබුණි.
 
ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වන්නේ කුඩා බෝට්ටු මඟින් එම අනවසර සංක්‍රමණිකයන් බහුදින යාත්‍රාව වෙත රැගෙන ගොස් ඇත්තේ මෙම සැකකරු විසින්  බවය.
 

 ඒ අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.