බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්න ගිහින් 7ක් මාට්ටු

බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්න ගිහින් 7ක් මාට්ටු
බෝට්ටු මගින් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා පළා යාමට උත්සාහ කළ පුද්ගලයන් හත් දෙනකු තලේමන්නාරම හත්වැනි වැලිපරය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව  විසින් නිවේදනය කර තිබේ.
 
ඉන්දියාවට පලා යාම සඳහා පිරිසක් සැකකටයුතු ලෙස මෙම ප්‍රදේශයේ රැඳී සිටින බවට නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර මෙම පුද්ගලයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් 07 දෙනා අතර පිරිමි පුද්ගලයන් පස් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටි බවත්, මොවුන් වව්නියාව,ත්‍රීකුණාමලය,මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව බවත්  නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියි.