කටුනායක ගුවන්තොටුපලේ PCR පරීක්ෂණාගාරය ඇරඹේ

airport-pcr

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු (27) දින යළිත් ආරම්භ විය.

ඒ අනුව ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන බව රසායානාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සදහන් කළාය.

''අප රසායනාගාරය කටුනායක ගුවන්තොටුපල හා අනුබද්ධිතව පවත්වාගෙන යන පී.සී.ආර්. රසායනයාගාරයක්. පැය තුනක් වැනි කාලයක් ඇතුළත කොවිඩ් 19 පරීක්ෂණ සදහා වූ ප්‍රථිඵල අපි ලබාදෙනවා. පී.සී.ආර්. පරීක්ෂාව පොසිටිව් වන අය ගුවන්තොටුපල අධීක්ෂණය යටයෙත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා. නෙගටිව් වන අය තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට විදේශ ගතවීම සදහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණයත් ගුවන්තොටුපලේදීම සිදුකරගැනීමට අවස්ථාව තිබෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පැමිණෙන අයෙක්ට පැය තුනක කාලය ගෙවා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් අපි ලබාදී තිබෙනවා’’ සුමුදු සරසිරාජා සදහන් කළාය.

ඒ අනුව සිය ගුවන් යානය පිටත්ව යන වේලාවට පැය හයකට පෙර ගුවන්තොටුපල වෙත පැමිණෙන මගීන්ට සිය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන විදේශගතවීමට අවස්ථාව උදාවේ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් රැඳී සිටින ගුවන් මගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.

(27) දින අළුයම 2.15 ට කටුනායක ගුවන්තොටුපල වෙත, පැමිණි කටාර් ගුවන් සේවයේ QR 668 දරණ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් පළමුව මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ.

IMG 20211027 WA0009

IMG 20211027 WA0015

IMG 20211027 WA0017

(ද ලීඩර්)