මනුෂ්‍යයකු ලෙස මෙලොව උපත ලබා ඇති සෑම පුද්ගලයෙකුටම මානව අයිතිවාසිකම් ලෙස හඳුනා ගත් අයිතීන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් 1948 දෙසැම්බර් මස 10 වෙනි දින තහවුරු කොට ප්‍රකාෂයට පත් කොට ඇත. මේ ජාත්‍යන්තර නීතිය සියලූම විශ්වීය පුද්ගලයින්ට ලැබී ඇති හිමිකම් ප්‍රකාශනයකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති අයිතිවාසිකම් රටේ සෑම පුරවැසියෙකුටම හිමි විය යුතු මූලික අයිතීන්ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 පරිච්ඡේදය ව්‍යවස්ථා 10 -17 දක්වා ඇති අයිතීන් විධායකය හෝ පරිපාලනමය ක්‍රියාවකින් උල්ලංඝනය කළ නොහැකි බවට දක්වා ඇත.
එම 03 පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම් වන්නේ:
10 ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම නිදහසේ සිතීම, හෘද සාක්ෂිය සහ ආගමික නිදහස ඇතුළුව තමන් කැමති ආගමක් ඇදහීමේ සහ වැළඳ ගැනීමේ නිදහස ද ඇතුළත් වෙයි.
11 ව්‍යවස්ථාව - කිසිම පුරවැසියෙකුට වද හිංසාවෙන් හෝ කෲර අමානුෂික ලෙස හෝ පහත් කොට සැලකීමක් හෝ දඬුවම් නොකළ යුතුය.
12 (1) ව්‍යවස්ථාව- සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන බව සහ සමාන ආරක්ෂාවන් ලැබිය යුතු බව
12 (2) ව්‍යවස්ථාව - කිසිම පුරවැසියෙකුට තම ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, මෙන්ම දේශපාලනික මතය, උපන් ස්ථානය යනාදී කාරණා මත වෙනස්කමකට ලක් නොකළ යුතුය.
13 (1) ව්‍යවස්ථාව - කිසිම පුද්ගලයෙකු නීතිය මඟින් දක්වා ඇති ආකාරයට මිස කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු නොකළ යුතුය. යම් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ නම් අත්අඩංගුවට ගැනීමේ හේතුව එම පුද්ගලයාට දන්වා සිටිය යුතුය.
13 (2) ව්‍යවස්ථාව - සෑම පුද්ගලයෙක්ම අත්අඩංගුට ගෙන පොලිස් භාරයේ තබාගෙන සිටියදී එම ස්ථානයට අදාළ ළඟම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය .
13 (3) ව්‍යවස්ථාව - ඕනෑම පුද්ගලයකු යම්කිසි වරදකට චෝදනා ලැබ සිටින විට එම පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් තනිව පෙනී සිටීමට හෝ නීතිඥවරයකු මගින් සාධාරණ නඩු විභාගයකට ඉල්ලා සිටිය හැක.
13 (4) ව්‍යවස්ථාව - කිසිදු පුද්ගලයෙකුට නිසි අධිකරණයකින් තීන්දු කිරීමකින් තොරව මරණය හෝ වෙනත් දඬුවමක් ලබා නොදිය යුතුය.
13 (5) ව්‍යවස්ථාව - සෑම පුද්ගලයෙකුම වරදකරුවකු ලෙස ඔප්පු වනතුරු අහිංසකභාවයේ පූර්ව නිගමනයක් ඇත.
14 (1) ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම
- අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස ප්‍රකාශනයද ඇතුළුව
- සාමකාමීව රැස්වීමේ නිදහස
- සමාගමේ නිදහස
- වෘත්තීය සමිතියක් ඇති කිරීමට සහ ඊට සහභාගිවීමට ඇති අයිතිය
එලෙසම 15 ව්‍යවස්ථාව මගින් 13 (5) (6), 14 (1) a සඳහන් අයිතිවාසිකම් ජාතික ආරක්ෂාව සඳහා සීමා කර ඇති බවයි.
16 ව්‍යවස්ථාව -දැනට පවතින සියලුම ලිඛිත සහ අලිඛිත නීති වලංගු වන අතර මෙම පරිච්ඡේදයේ විධිවිධාන සමඟ කිසිදු නොගැළපීමකට භාජනය නොවිය යුතුයි.
17 ව්‍යවස්ථාව - පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් පුද්ගලයෙකුට හිමිවෙන මූලික අයිතිවාසිකම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කිරීම හෝ කඩිනමින් උල්ලංඝනය වීමට ආසන්නව ඇති ' බව සම්බන්ධයෙන් 126 ව්‍යවස්ථාව මගින් සම්පාදනය කර ඇති පරිදි සෑම පුද්ගලයෙකුටම ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම් කිරීමට හිමිකම් ඇත.