අප්‍රියෙල් 08 විදුලි සේවකයෝ ලෙඩ වෙයි

අප්‍රියෙල් 08 විදුලි සේවකයෝ ලෙඩ වෙයි

අප්‍රේල් 08 වැනි දින ලෙඩ නිවාඩු වාර්තා කර සියලූම විදුලි සේවකයෝ කොළඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයකට සුදානම් වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

2021 වැටුප් වැඩිවීම ලබා නොදීම හා සේවක උසස්වීම් අහිමි කිරීමට එරෙහිව ඇතුලූ තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් 28000 ක් පමණ වූ ලංකා විදුලි බල සේවකයින්ගෙන් 21000 ක පමණ සේවක පිරිසක් එදින ලෙඩ නිවාඩු වාර්තා කර පෙ.ව. 10.00 සිට කොළඹ ලංවිම මුලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට සහභාගීවීමට තීරණය කර ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්වේ.