වසරකුත් මාස 08 ක පසු අද සිට දුම්රිය සමාන්‍ය පරිදි ධාවනයට

වසරකුත් මාස 08 ක පසු අද සිට දුම්රිය සමාන්‍ය පරිදි ධාවනයට

වසරකුත් මාස 08 ක පසු ( මාස 20 කට පසු) 2021.11.08 දින සිට සාමාන්‍ය දුම්රිය කාලසටහන අනුව දුම්රිය ධාවන කටයුතු සිදුවෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කර තිබේ.

රටේ පැවති කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සාමාන්ය දුම්රිය කාලසටහන අවසන් වරට ක්රියාත්මක වූයේ 2020 මාර්තු මාසයේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රජය විසින් පනවන යම් යම් සෞඛ්ය නිර්දේශයන්ට අනුව දුම්රිය ගමන් සීමා කර විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය විය.

අද දින සිට සාමාන්ය දුම්රිය කාලසටහන ක්රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කල ද දුර ගමන් සේවා දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් කර ඇත,එමෙන්ම ගාල්ල මරදාන රාත්රී තැපැල් දුම්රිය හැර අනෙකුත් සියලුම තැපැල් දුම්රිය සේවා ද තවදුරටත් ක්රියාත්මක නොවේ. පාර්සල් ප්රවාහන කටයුතු ද මේ හා සමගාමිව අද දින සිට නැවත ආරම්භ කිරීමට ද කටයුතු මේ වන විට සූදානම් කර ඇත . එමෙන්ම නවතා දමා තිබූ ආසන වෙන් කිරීමේ කටයුතු මෙන්ම දුම්රිය ස්ථාන වල තිබූ විවේක කාමර වෙන් කරවා ගැනීමෙ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව දන්වා සිටින අතර මම දුම්රිය ගමන් යථාතත්වයට පත් වුවද , කොවිඩ් අවධානම පහව ගොස් නොමැති බැවින් මඟීන් දුම්රිය භාවිතා කිරීමේදී සෞඛ්ය අංශ මඟින් නිර්දේශ කොට ඇති පිලිවෙත් නිසි ලෙස අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමි.

ප්රධාන ලේකම් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය