අධ්‍යාපන අමාත්‍යංශයෙන් විභාග පැවැත්වීම ගැන නව තීරණයක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විභාග පැවැත්වීම ගැන නව තීරණයක්

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

දහය” එකොළහ” දොළහ සහ දහතුන යන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් අද (08 වැනිදා) ආරම්භ කෙරෙන අතර මෙවර විභාගයට පෙනී සිටින එකොළහ ශ්‍රේණියේ සහ දහතුන ශ්‍රේණීයේ දරුවන්ගේ පාසල් පැමිණීමේ තොරතුරු දින පතා ලබා ගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ. දරුවන් පාසල් නොපැමිණෙන්නේ නම් විභාග පැවැත්වීම සඳහා තවත් කල් ගත කිරීම අවශ්‍යතාවක් නැත යන්න අමාත්‍යාංශයේ අදහසවී තිබේ.

එම ශ්‍රේණිවලට අදාළ පන්ති පවිත්‍ර කිරීමේ කටයුතු පසුගිය දිනවල පැවැති අතර විශේෂයෙන් එම පවිත්‍ර කටයුතු සඳහා දහතුන ශ්‍රේණියේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පැමිණීම සතුටුදායක තත්ත්වයක නොපැවැති බව වාර්තා වී තිබේ.

මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ උසස් පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේද පැවැත්වීමය.

කෙසේ වුව ද මෙම විභාග දෙකම එකම කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබිණි.