සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් හෙට සංකේත වැඩවර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් හෙට සංකේත වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව හෙට (09) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
 
මේ පිළිබඳ  රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
 

"හෙට උදේ 7ට ආරම්භ වන වැඩවර්ජනය නොවැම්බර් 10 උදේ 7 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් විදියට තමා ක්‍රියාත්මක වෙන්නේ."