ජූනි විශ්‍රාම වැටුප 10 දා ගෙවයි

ජූනි විශ්‍රාම වැටුප 10 දා ගෙවයි
මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට නියමිතව තිබේ.
 
ඒ අනුව විශ්‍රාම වැටුප් දිනයේදී අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව විසින් කටයුතු යොදා ඇති බව සඳහන්ය.
 
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයද ලබාගනිමින් එම ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.
 
ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බැංකු ද එදිනට විවෘතව තැබෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.