ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලෙන් රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසට

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලෙන් රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසට

රටතුළ පවතින කොවිඩ් අවධානම හමුවේ සංචරන සීමාපැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

ඖෂධ තැපෑල මගින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දී සායනික ගොනු අංකය, නිවැරදි ලිපිනය, දුරකථන අංකය ලබා දීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වැඩි දුරටත් දන්වා සිටී.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංකය පහත සඳහන් කර ඇත.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ නම

සායන කාමරය

දුරකථන අංකය

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය

කාමර අංක 01

011 7 68 27 41

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය

කාමර අංක 01

011 7 68 25 54

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය

කාමර අංක 02

011 7 68 25 58

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය

කාමර අංක 02

011 7 89 83 01

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ගුණරත්න මහත්මිය

කාමර අංක 03

011 7 68 23 91

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස්.ගුණතිලක මහතා

කාමර අංක 03

011 7 68 25 49

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර්.දයාවංශ මහතා

කාමර අංක 14

011 7 68 25 34

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා

කාමර අංක 14

011 7 68 25 64

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා

කාමර අංක 14

011 7 68 26 57

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා

රෙටිනල් සායනය

011 7 89 83 44

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා

රෙටිනල් සායනය

011 7 68 26 50

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා

රෙටිනල් සායනය

011 7 68 20 94