අද රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය

අද රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය
අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
 
අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බවත්  හෙතෙම සඳහන් කළේය.
 

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි  බවත් නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.