වෘත්තීය ක්‍රියාමාර්ගය 100‍% සාර්ථකයි

වෘත්තීය ක්‍රියාමාර්ගය 100‍% සාර්ථකයි

සමස්ත ලංකා හෙද සංගමය ඇතුලූ හෙද වෘත්තීය සමිති ඊයේ දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුලූ දිවයිනේ සියලූ රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙන අතර,  එම ක්‍රියාමාර්ගය සඳහා සියලූම හෙද හෙදියන් මේ වන විට එයට සම්බන්ධව සිටින බව සමස්ත ලංකා හෙද සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හෙද සේවාවේ නොවිසඳුණු ගැටළු 09ක් මුල් කර ගනිමින් හා ඉතා බරපතල වෙමින් ජනතාව පීඩාවට පත්කරමින් තිබෙන කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා නිවැරදි විද්‍යාත්මක වැඩපිළිවෙලක් තුල ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඒ අනුව හෙද කාර්ය මණ්ඩලයට මුහුණපෑමට සිදුව තිබෙන එම ගැටළු විසඳීම සඳහා වහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ අප ඉල්ලා සිටිමු. වෘත්තීය ක්‍රියාමාර්ගය ජුලි 02 එනම් අද දිනයේද ක්‍රියාත්මක වන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.