අරක්කු සමාගමකට බිලියන ගණන් බදු සහන දෙමින් සෞඛ්‍ය ඉල්ලීම් පහසුකම් දෙන්න සල්ලි නෑ කියයි

අරක්කු සමාගමකට බිලියන ගණන් බදු සහන දෙමින් සෞඛ්‍ය ඉල්ලීම් පහසුකම් දෙන්න සල්ලි නෑ කියයි

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට පහසුකම් දෙන්නට සහ අත්‍යවශ්‍ය උපකරණ ලබා දෙන්නට නොහැකි ආර්ථික අහේනියක් ඇතැයි කියන මුදල් අමාත්‍යාංශය, සල්ලි නැහැයි අරක්කු සමාගමකට බිලියන ගණන් බදු වංචා කරන්නට ඉඩ හැර ඇති බව වැඩකරන ජනබලය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු, රවි කුමුදේස් මහතා 2021. 07. 01 දින පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලේය.

අද උදෑසන දින ආරම්භ කරන ලද අරක්කු සමාගමකට රුපියල් බිලියන 1.5 ක සුරාබදු ගෙවීම පැහැර හැර තිබියදී, මුදල් අමාත්‍යාංශයේ ආශිර්වාදය මැද නිශ්පාදන කටයුතු රහසේම ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය බැංකුවලට රුපියල් බිලියන ගණන් ණය ගෙවීමට තිබියදී, මහබැංකු හොරු අල්ලන්නට පැමිණ මුදල් අමාත්‍යාංශ ලොක්කන්, මහබැංකු හොරුන්ටම සුපිරි වරප්‍රසාද දෙමින් අරක්කු නිපදවීම සඳහා විශාල අනුග්‍රහයක් දක්වද්දී, "බොරු අරක්කු විරෝධීන්" නිහඬව සිටීම විහිළු සහගතය. එම වංචා කල බදු මුදල පමණක් භාවිත කර, රටට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර තුන් සියයක් පමණ ගෙන්වා, විශ්ලේෂක පරීක්ෂණ තුනක් ලක්ෂටක් පමණ එකවර සිදු කළ හැකිය. එන්නත් ලක්ෂ පහකට වඩා ගෙන්විය හැකිය. දරුවන් සඳහා ටැබ් පරිඝණක ලක්ෂයකට වඩා ලබා දිය හැකි බව කුමුදේස් මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

ඒ නිසාම මුදල් අර්බුදයක් පවතින බව පවසමින්, රට හිගාකන තත්ත්වයට පත්ව ඇති මොහොතක, මෙලෙස බැංකු හොරුන් පලවාහැරීමට පැමිණීම් මුදල් අමාත්‍යාංශයේ ලොක්කන්, බදු වංචා කිරීමට හොරුන්ට ම පවරා දෙමින් සිටීම කණගාටුදායක බවත් ඔහු සඳහන් කලේය.