තැපැලේ එකඟ වූ අතිකාල ගෙවීම් කරන ලෙස ඉල්ලයි

postal-union

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල ක්‍රමය සියළු පාර්ශව සමග සාකච්ඡා කර සංශෝධනය කළ අතර, එය මේ වන විටත් නිවැරිදි කර ගෙවීම් නොකරන බව තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ එකඟතා ඉටුකරන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

  1. තැපැල් දෙපාර්මේන්තුවේ පාලන කාර්යාල සදහා අතිකාල ලබා දීමේ පැවති ක්‍රමවේදය සංශෝධනය කර අතිකාල ලබා දීම මේ වන විට ඔබ තුමන්ගේ අනුමැතිය තුල සිදුකරන අතර මෙහිදී එම කාර්යාලවල කාර්යය මණ්ඩලයට තමන් විසින් ඉටුකරන ලද අතිකාලය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ පිළිබද ඔබතුමන් සමග දිගින් දිගටම අදහස් හුවමාරු කර ගත්තද මෙම තත්ත්වය මේ දක්වා නිවැරදි වන තත්ත්වයක් දක්නට නොමැති බව කනගාටුවෙන් වුවද දන්වා සිටිනු කැමැත්තෙමු.
  2. පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අමත්‍යාංශ ලේකම් තුමන්වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී එම ගෙවීම් සිමාව ඉවත්කර ආවරණ අනුමැතිය තුල ගෙවීම සිදුකර අනුමැතියට පත්‍රිකා එවන ලෙස දන්වන ලදී. එලෙස උපදෙස් දුන්නද අදාල උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව දැනගන්නට ඇත.
  3. දෙපාර්මේන්තුව මාසිකව වැය කරන අතිකාල ප්‍රමාණය සැලකූ කළ මෙම අංශ සදහා ඇත්තේ ඉතා සුළු අතිකාළ ප්‍රමාණයකි. මෙම ප්‍රමාණයට මෙලෙස තහංචි දමා කටයුතු කිරීම තුල සිදුවන්නේ එම සේවකයින්ගේ මානෂික පිරිහීම පමණක් වන අතර මෙලෙස තහංචි දමා ඉතිකර කරන අතිකාළ පැය ගණන පිළිබද සැලකූ කළ එය නොසලකා හැරිය යුතු ප්‍රමාණයක් බව පෙන්වා දෙමි.
  4. දැනට මෙම කාර්යාලවල සේවය කරන නිළධාරීන් වෙනත් ස්ථාන සදහා වසර ගණනාවක් ස්ථාන මාරුවීම් ඉලුල්ම් කරන අතර එවුන්ට ස්ථාන මාරුව ලැබුනත් නිදහස් වීමට නොහැකි වී ඇත. එයට හේතුව මෙම අංශ සදහා බොහෝ නිළධාරින් ඉල්ලුම් නොකිරීමයි. එලෙස ඉල්ලුම් නොකිරීමට හේතුව වන්නේ මෙම කාර්යාලවල සේවය කරන නිළධාරීන්ට මේ ආකාරයෙන් අති කරන පීඩාකාරී තත්ත්වය බව පැහැදිලි වේ.
  5. මෙම කාර්යාලවල පවතින අධික පුරප්පාඩු හේතුවෙන් එකම නිළධාරීයාට විෂයන් කිහිපයක් ඉටු කිරීමට සිදුව ඇති අතර එලෙස ඉටු නොකළ හොත් දෙපාර්මේන්තුවේ සහෝදර සේවකයින්ගේ රාජකාරී කටයුතු මෙන්ම ආයතනයේ පාලන කටයුතු බොහොමයක් බිදවැටෙන අතර එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි එක නිළධාරියෙක් සේවා වාර කිහිපයක් ඉටු කරමින් සිදුකරන කැපවීමට කිසිදු අගයක් ලබා නොදෙමින් මෙලෙස ඔවුගේ ශ්‍රමය හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම සේවකයින් ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන නායකත්වයෙන් අප කිසිසේත් බලාපොරොත්තු නොවෙමි.
  6. තවද මෙම ගෙවීම් මීට පෙර කිසිදු ගැටළුවකින් තොරව ගෙවීම් කළ අතර හිටි හැටියේ මෙවැනි නෛතික තත්ත්වයක් හට ගත්තේ කෙසෙද යන්න අපැහැදිලි කරුණකි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුල මෙම කාර්යාලවල සේවකයින් දැඩි නොසතුටකින් යුතුව කටයුතු කරන අතර එම තත්ත්වය ආයතනයේ ප්‍රගමනයට යහපත් නොවන තත්ත්වයක් බව අප තරයේ විශ්වාස කරමි. එබැවින් මේ පිළිබද කඩිනම් අවධානය යොමු කර මෙම නිළධාරීන් විසින් ඉටුකරන අතිකාලය සමිපූර්ණයෙන්ම බාධාවකින් තොර ලබා ගැනීමට කටයුතු කරන මෙන් කාරුනිකව ඉල්ලමි.