අදත් හෙද හෙදියන් නිවාඩු

අදත් හෙද හෙදියන් නිවාඩු

අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රීයාමාර්ගයට සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන 7වනදා සිට දිවයිනපුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට හෙද සේවාවේ වෘත්තීය සමිති රජයට අනතුරු අගවයි.

හෙද සේවාවේ ප්‍රමුඛතම වෘත්තිය සමිති වන රජයේ හෙද නිළධාරින්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඒකාබද්ධව ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) දිනයේදී ද සිදුකිරීමට කටයුතු කර ඇත.

හදිසි ප්‍රතිකාර කටයුතු, විශේෂ රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රීතව වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු නොවන බවයි හෙද වෘත්තීය සමිති සදහන් කළේය.

හෙද සේවාවේ උසස්වීම් ඇතුලු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ බලධාරින් ඉටුනොකරීම හා මඟ හරිමින් කටයුතු කිරීම සම්බන්ධයේන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවී ඇත.