තාක්ෂණික ඇගයිම් කමිටුවල වංචා සහගත තීරණ නිසා මාස කිහිපයකදී මිලයන 125ක් රජයට අහිමි වෙලා

තාක්ෂණික ඇගයිම් කමිටුවල වංචා සහගත තීරණ නිසා මාස කිහිපයකදී මිලයන 125ක් රජයට අහිමි වෙලා

කොවිඩ් මුල් අවස්ථාවේ PCR ජාවාරම ගැන අපි දිගින් දිගටම කියපුවාත් විගණාධිපති වාර්තාවේ තහවුරු වෙලා තියනවා. පළවෙනි කාර්තුවේදී පමණක් වංචාසහගත තාක්ෂණික කමිටු තීරණ නිසා PCR ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී මිලියන 125 ක පාඩුවක් ‍රජයට සිදු වෙලා තිබෙනවා. ටෙන්ඩර් වල දී අඩු මිලට වඩා හොද ප්‍රතික්‍රීයක කට්ටල මිලදී ගැනීමේ හැකියාව තිබියදී, තාක්ෂණික ඇගැයීම් කමිටුවල ඉන්න තැරැව්කාර විශේෂඥයින්ගේ ඒකාධිකාරයට යටවීම නිසා, ඔවුන්ගේ බොරු සෞඛ්‍ය ලේකම්වරයා හිස් මුදුනින් අනුමත කරලා තිබෙන නිසා, මෙම පාඩුව වෙලා තිබෙන බව විගණන වාර්තාවේ තහවුරු කර තිබෙනවා.

වැඩි මුදලට අරගෙන තිබෙන එම පරීක්ෂණ කට්ටල අඩුම තරමින් මිනිස්සුන්ගේ පරීක්ෂණ සදහා අනුමැතිය පවා නැති (IVD සදහා තහවුරු නොකල), අධ්‍යන පර්‍යේෂණ සදහා පමණක් අනුමත කරපු (Research Use Only) බාල වර්ගයේ ඒවා. වැඩි මුදලට ඒවා ගැනීමට බලපෑම් කරලා තියෙන්නේ තාක්ෂණික ඇගයිම් කමිටු විශේෂඥයින්ගේ තාක්ෂණික නොවන තීරණ වලට සෞඛ්‍ය ලේකම්වරයා යටවීම නිසා. ඒවා තාක්ෂණිකව පැහැදිළි කර ගන්න සෞඛ්‍ය ලේකම් වරයාට දැණුමක් නැති නිසා.

පරීක්ෂණ මට්ටමේ තිබෙන  PCR කට්ටල තමයි වැඩි මිලකට මිලදී අරගෙන තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව හරහා තාක්ෂණික හොරකමක් සිදු වෙනවා. ඇගයිම් කමිටු පත් කිරීමේදී PCR පරික්ෂණ සිදු කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් ඒවාට අනිවාර්‍යෙන් පත් කල යුතුයි. එහෙම නීතියක් පවා තිබෙනවා. මුලු ලෝකයේම තක්ෂණික කමිටුවලට, මිලදී ගන්නා ද්‍රව්‍යයේ අවසන් පාරිභෝගිකයා (End User) සහභාගී කර ගැනීම සම්මතයක්. සෞඛ්‍ය ලේකම් මේ කිසිවක් සලකන්නේ නෑ. දන්නත් නෑ. එයා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අනිත් වෘත්තිකයින් නොසලකා හැරලා ගන්න තීරණ නිසා තමයි මෙවැනි ගැටලු සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වැඩිවෙලා තියෙන්නේ.

PCR පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ඒකාධිකාරිය රැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය. තාක්ෂණික කමිටු සදහා අදාළ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගන්නා ක්‍රමයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනියි. කමිටු සාමාජිකයින් අහඹු ලෙස තෝරා ගත යුතු වුවත්, බොහෝ කමිටු වල ඉන්නේ එකම කණ්ඩායම. අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු තමන්ට හිතවත් ආකාරයෙන් තෝරාගැනීම නිසා තමයි මෙවැනි පාඩුවක්‌ වෙලා තිබෙන්නේ.

අපි විශ්වාස කරන්නේ PCR මිලදී ගැනීම විගණකාධිපති වාර්ථාවේ සදහන් මුදලට වඩා දෙතුන් ගුණයකට වැඩියි කියලා. ජනාධිපතිවරයා අපි කියන දේවල් පිළිබඳ විශ්වාස කරලා ක්‍රියාමාර්ග ගත්තේ නෑ. කරුණාකර දැංවත් විගණකාධිපති වාර්තාව කියවලා බලන්න. මේ සියලු දේ සිදු වන්නේ ඖෂධ නියමාකාරයෙන් පාලනය කිරීම සඳහා වෙනම නිෂ්පාදනය කිරීම සඳහා  අමාත්‍යාංශයක් ඇති කර තිබියදී .

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය