ටෙලිකොම් කොටස් විකිණීම ජුනි 15 දක්වා නවතන බව අධිකරණට පොරොන්දුවක්

ටෙලිකොම් කොටස් විකිණීම ජුනි 15 දක්වා නවතන බව අධිකරණට පොරොන්දුවක්

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු  ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළ පෙත්සම පිළීබඳව ජුනි මස 15 දක්වා ටෙලිකොම් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් දී තිබේ.

ඒ අද දින එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

මුදල් අමාත්‍යාංශයේ දී ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය.

කෙසේවෙතත් මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥාව ලබාදුන්නේය.