සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය විම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය විම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කෙරෝනා ආසාධිත සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්ව්‍යං රැකියා, සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

සමෘද්ධි සං. දෙපාර්තමේන්තුව හරහා තවත් කොවිඩ් 19 ආසාධිත සමෘද්ධි පොකුරක් රටතුල නිර්මාණය වීම වලක්වා ගැනීමට පියවර ගන්නා මෙන් හා විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීම.

බත්තරමුල්ල සෙත්සිරිපාය 4 වන මහලේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ප‍්‍රධාන කාර්යාලයෙහි පාලන අංශයේ සේවය කරන ලද නිලධාරිනියකට කොවිඩ් 19 වෛරසය අසාධානය වී ඇති බවට 2020. 10. 28 දින තහවරු වීමත් සමඟ එහි සේවය කරන සමස්ථ කාර්යමණ්ඩලයම බරපතල සෞඛය අවධානමකට ලක්ව ඇති බව අප සංගමය මෙයින් ඔබ වෙත අවධාරණය කරමු.

02. එසේ තිබියදීත් සමස්ථ කාර්යමණ්ඩලයම කඩිනමින් PCR පරීක්ෂණ සිදු කර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම උදෙසා කටයුතු කිරීමේ වැදගත් කමක් පවතින තත්වයක අදාල ඡුක්‍ඍ පරීක්ෂණ සිදු කිරීමට පාලනාධිකාරිය මෙතෙක් කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණකි.

03. වෛරසය ආසාධිත යැයි තහවුරු වී ඇති නිලධාරිනියගේ සිය ස්වාමියා මාළු වෙළඳසැලෙහි සේවය කරන බව දැනගෙන සිටියදීත් අදාල නිලධාරිනිය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි සේවයට යොදවා ගැනීම ආයතන ප‍්‍රධානීන් විසින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව මනාව පෙන්නුම් කරයි.

04. තවද 4 මහලේ පොදු පහසුකම් හි පවතින ගැටළු මත 3 මහලේ පොදු පහසුකම් සේවකයින් වෙත පරිහරණය සඳහා සලසා ඇති බවත්, ගොඩනැගිල්ලෙහි ආයතන ගණනාවක සමස්ත සේවකයින් පොදු සෝපානය පරිහරණය කිරීම තුල මෙහි අවධානම තවත් වැඩි වී ඇති බව අප ඔබගේ විශේෂ අවධානය මෙයින් යොමු කරවමු.

05. ඒ අනුව කොවිඩ් 19 වෛරසය පොකුරු ලෙස වර්ධනය වන හෙයින් වගකීම් විරහිත මෙවැනි ක‍්‍රියාදාමයන් තුලින් සේවකයන් විශාල ප‍්‍රමාණයක් හා ආයතන විශාල ප‍්‍රමාණයක් පිහිටි සෙත්සිරිපාය ආශ‍්‍රිත කරගනිමින් සමෘද්ධි පොකුරක් ව්‍යප්තවීමේ ඉඩකඩක් පවතින බැවින් මේ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර සමස්ථ සේවකයින්ගේ සෞඛය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.

වැඩබිම