වෙළඳ කලාප අර්බුදයට විසඳුම් දෙන්න බැසිල් සුදානමින්

වෙළඳ කලාප අර්බුදයට විසඳුම් දෙන්න බැසිල් සුදානමින්

ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත හිමිකරුවන් සම්බන්ධවී සිටින ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum) හා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ සාකච්ඡාවට, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ද හවුල්කර ගැනීමට අවධානය යොමුව ඇති බව පැවසේ. මාකස් මහතා මීට පෙර පසුගිය ඔක්තෝබර් 16 වැනිදා අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලින් ආරම්භ වූ කොරෝනා රැල්ල මේවන විට ඇඟළුම් කේෂත්‍රයේ සෙසු ආයතනද ආක්‍රමණය කරමින් සිටින බැවින් ඒවායේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වයටත්, ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපායන්ට ද බරපතල අභියෝගයක්ව එල්ලවී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබිණි.

එම ලිපියෙන් සේවක සේවිකාවන් සේවයේ යෙදී සිටි අවස්ථාවලදී එම ආයතන මගින් එම සේවක සේවිකාවන්ට උදෑසන ආහාරය අය කිරීමකින් තොරව ද, දිවා ආහාරය සහනදායී මුදලට ද ලබා දී තිබූ අතර මේ වන විට නේවාසිකාගාරවල රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට ඒවා නොලැබෙන තත්ත්වයකට පත්ව ඇති බවද පෙන්වා දී තිබිණි. එසේම මේ වන විට ඔවුන්ගේ ඔක්තෝබර් මස වැටුප ලැබී නැති බවත්, කොවිඩ් -19 වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා PCR පරීක්‍ෂණ සිදුකිරීම ද ක්‍රමවත්ව සිදු නොවන බව පෙනී යන බවත් මාසක් මහතා අදාළ ලිපියෙන් අවධාරණය කර තිබේ.

එසේම එම ප්‍රදේශයේ නේවාසිකව සේවය කරනු ලබන මෙම සේවක සේවිකාවන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් ආණ්ඩුව විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන්ට ගෙවීමට සැළසුම් කර ඇති රුපියල් පන්දහසේ රු. 5,000/= සහන දීමනාව ද මෙම සේවක සේවිකාවන්ට නොලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා ඇත.

මූලාශ්‍රය – ශ්‍රී ලංකා මිරර්

වැඩබිම