දුම්රිය සතු ඉඩම් පිළිබඳව නිර්දේශ කරන්න කැබිනට් කමිටුවක්

දුම්රිය සතු ඉඩම් පිළිබඳව නිර්දේශ කරන්න කැබිනට් කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත්කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එම කැබිනට් යෝජනාවෙන් අමාත්‍ය කමිටුවක් යෝජනා වී ඇති අතර, එම කමිටුව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් පත් කර ඇත.

මේ වන විට දුම්රිය දේපාර්තමේන්තුව සතුව අක්කර 14,000ක් පමණ ඉඩම් තිබෙන අතර, එම ප්‍රමාණයෙන් 10 ක් පමණ විවිධ පාර්ශයවන්ට බදු පදනම යටතේ ලබාදී ඇති බවත්, ඉතිරි 80 ඉඩම් ප්‍රමාණය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරින් සහ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින නිලධාරින්ද සිටින බවයි.

එයට අමතරව ව්‍යාපාර ස්ථාන, වගා කටයුතු හා විවිධ ඉදිකිරීම සඳහා අනවසරව එම ඉඩම් භාවිතා කරන බවත්, අනවසරයෙන් රැඳි සිටින දුම්රිය සේවකයින් අධිකරණ ක්‍රියාමාර්ග හා විනය ක්‍රියාමාර්ග මගින් විශ්‍රාම වැටුප් අහිමි කර අවස්ථාද පවතින බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත.

ඉදිරියේදී දුම්රිය ඉඩම් පිළිබඳව තීරණය කරනු ලබන්නේ මෙම කමිටුවෙන් ගන්නා තීරණය අනුව බව පෙනී යයි.

වැඩබිම