සියළුම දිස්ත්‍රික්කවලට බලපාන ඇඳිරි නීතියේ වෙනසක්-මෙන්න නිවේදනය!

සියළුම දිස්ත්‍රික්කවලට බලපාන ඇඳිරි නීතියේ වෙනසක්-මෙන්න නිවේදනය!

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගෙන තිබෙන බව වාර්තා වේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග ඊයේ (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම තීන්දු තීරණ ගෙන තිබෙන අතර ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම තීරණ පිළිබඳව නිවේදනයක්ද නිකුත්කර තිබේ.

එම තීරණ පහත පරිදි වෙයි…..

ලබාගෙන තිබෙන බැවින් එම ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක්විය යුතු අතරම වෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

එමෙන්ම, ප්‍රතිඵල අනුව ආසාදනයට ලක්නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින් PCR පරීක්ෂණය කෙරුණ ද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්යවන අතර පෞද්ගලික රෝහල්වල සිදුකරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කිරීම මඟින් කොරෝනා ව්‍යාප්තවීම පාලනය කිරීම මූලික අරමුණ වන අතර එයිනුත් ඉදිරි ක්‍රියාමාර්ග ලෙස ඇඳිරි නීතිය පැනවීම මඟින් කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පරාශකර තිබේ.එම නිසා ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.

මේ අතර, භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරණය අත්හිටුවිමට ද තීරණය කර තිබෙන අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදුකළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබේ.