හොරණ බොඩිලයින් ආයතනයේ 5000ක් නිවෙස්වල නිරෝධායනය

හොරණ බොඩිලයින් ආයතනයේ 5000ක් නිවෙස්වල නිරෝධායනය

හොරණ බොඩිලයින් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටි 5000ක පමණ පිරිසකට නිවෙස්වලම නිනිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී තිබේ.

සේවකයන් 5000ට අධික සංඛ්‍යාවක් සිටින හොරණ ප්‍රදේශයේ පිහිටි බොඩිලයින් කර්මාන්ත ශාලාවේ 34 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත වූ බවට පසුගිය දා අනාවරණය වීමෙන් පසු එම කර්මාන්ත ශාලව වසා දමන ලදී.

ඒ අනුව අසාදිත තොරතුරු අනාවරණය වීමත් සමඟම කර්මාන්ත ශාලාව වසා දමා 5000 ක පමණ සේවකයන්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම නිරෝධායනය වීමට උපදෙස් ලබාදුන් බව හොරණ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. සී. සේනාරත්න මහතා පවසයි.

කර්මාන්ත ශාලාවේ සේවය කරන හොරණ, බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවට අනුව ඇගේ ආශ්‍රිතයන් 170 කගේ පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය 31 වැනිදා සිදු කර තිබේ. එහිදී තවත් විසි දෙනෙකු ආසාදිත බවට ඊයේ (01 දින) වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් අද (2 දින) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන ආකාරයත් ආයතනයේ ඉතිරි පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කරන ආකාරයත් සාකච්ඡා කෙරෙන බව කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පවසයි.