නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා එම තනතුරින් ඉවත් කෙරේ

නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා එම තනතුරින් ඉවත් කෙරේ

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජයලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරේ. කොවිඩ් වසංගතයට අදාලව රසායනාගාර සේවාව තුල ඇති වූ බිද වැටීම් ගණනාවකට ඒ මහතා වගකිවයුතු අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය, ඒ මහතා ඉවත් කරන ලෙස ඉල්ලා චෝදනා 16ක් ජනාධිපතිවරයාට ලිඛිත දැණුම් දීමක් කර තිබුණි. ඔහුගේ උද්දච්ච පරිපාළණ හැසිරීම රසායනාගාර සේවාවේ සාමූහික ක්‍රියාකාරීත්වය බිදහෙලූ බව එම ලිපියෙන් අවධාරණය කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ වැඩබැලීමට පත් කර ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ගැටළු ගණනාවක් මතුවී ඇති අතර ඔහු වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමඟ හෝ වෘත්තීයවේදී ආයතන සමඟ හෝ රසායනාගාර සේවාවට අදාලව පැන නැඟෙන අවශ්‍යතා හා ගැටළු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතල අර්බුධයකට ලක් වෙමින් තිබේ යණුවෙන් රසායනාගාර සේවාවේ අඩාලවීම් පිළිබද චෝදනා 12 ක් යටතේ පසුගිය සතියේ එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

රවී කුමුදේස්

වැඩබිම