BOI කර්මාන්ත ශාලා සදහා ඇදිරිනීති බලපත් නිකුත් කිරීම

BOI කර්මාන්ත ශාලා සදහා ඇදිරිනීති බලපත් නිකුත් කිරීම

රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකිශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා‍ කෙරේ.

ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ www.investsrilanka.com. ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කිරීමට පියවර ගැනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දායකත්වය ලබා දේ.

වැඩබිම