ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා රජයේ මැදිහත්වීමක්

ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා රජයේ මැදිහත්වීමක්

ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සවිබල ගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන්, ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මගපෙන්වීමට අනුව පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත.

ඒ අනුව අදාල සේවා ලබා දීම සඳහා එසේ බලපෑමට ලක්වූ ව්‍යාවසායකයන් සහ කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු කඩිනමින් ‍රැස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශය බලා පොරොත්තු වේ.

මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණකර එවිය හැකි අයදුම්පතක් සකස් කර ඇති අතර එසේ හැකියාව නොමැති අයදුම් කරුවන් සඳහා ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට  ප්‍රධාන කාර්යාලයෙන් හෝ ඔබ අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ව්‍යාවසාය සංවර්ධන නිළධාරින් වෙතින් ලබා ගෙන, එම අයදුම් පත නිවැරදි ලෙස පුරවා එම නිලධාරීන්ට බාරදිය හැකිය.

අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට http://www.nef.lk/b2b සබැඳිය භාවිතා කරන්න. ඔබගේ අයදුම්පත් 2020/12/11 ට පෙර යොමු කරන්න.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක. සශික ද මෙල් මහතා 0718333924 / 0113601592 ,පී.එස්. සේරසිංහ මිය 0757993086 / 0115922970, ඒ. බී. ලතීෆ් මයා 0776855738.

වැඩබිම