සුවසැරිය සේවකයින්ට දක්වන අමානුෂීය ක්‍රියාකලාපය හා මර්ධනය වෘත්තීය සමිති හෙලාදකී

සුවසැරිය සේවකයින්ට දක්වන අමානුෂීය ක්‍රියාකලාපය හා මර්ධනය වෘත්තීය සමිති හෙලාදකී
වරාය විකිණීම හෝ ආයෝජනයන් සම්බන්ධව රජය ගෙනයන ක්‍රියාමාර්ගයට එරෙහිව අදහස් දැක්වීමටත්, 1990 සුවසැරිය සේවකයින්ට සිදුව ඇති අසාධාරණයන් සම්බන්ධව අදහස් දැක්වීමට " වැඩකරන ජනබලය" වෘත්තීය සමිති එකමුතුව විසින්  පසුගිය 29 වෙනි දින මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
 
වැඩකරන ජන බලය නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් කිහිප දෙනෙකුම මාධ්‍යයට අදහස් දැක්වූ අතර "1990 සුව සැරිය" සේවක සංගමයේ නායකයින් කිහිපදෙනෙකු ද සහභාගී විය.
 
වැඩකරන ජන බලය වෙනුවෙන් බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් බැංකු සේවක සංගමයේ කේසර කෝට්ටෙගොඩ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ රජය විසින් වරාය විකුණනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව අවින්ශ්චිත තත්ත්වයක සිටින බවයි. එසේම රජය විසින් නැගෙනහිර පර්යන්තය විකිණීමේ ක්‍රියාවලිය ආයෝජකයන් ගෙන්වන මුවාවෙන් හෝ වෙනත් කවරාකාරයකින් අර්ථදැක්වුවද, වරාය අනිවාර්යයෙන්ම ලංකාවේ රජයට සහ ජනතාවට අහිමි කිරීමක් ලෙස වැඩකරන ජනබලවේගය දකින බව සඳහන් කළා.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වරාය විකිණීම යනු හම්බකරන් කන්න තිබෙන වස්තුවකට කරන අපරාධයක් බවයි.
kesara
 
 
තැපැල් ක්ෂේත්‍රය නියොජනය කරමින් ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති, චින්තක බණ්ඩාර විසින් අදහස් දක්වමින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය මෙරටට මුදල් ගෙනෙන ආකරයක් බවත් පසුගිය රජය ඉන්දියානු ආදානි සමාගම සමග මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත්ය. ඉන් අනතුරුව වර්තමාන රජය පත්වීමට ප්‍රථම ජනාධිපතිවරයා යටතේ මේ ආණ්ඩුව වරාය අලෙවි කිරීම සඳහා අදානි සමාගමට පැවරීමට උත්සාහ කරද්දී වරාය සේවකයන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් සිදු කළ බව ඔහු ප්‍රකාශ කළා. එසේම තම ජීවිත පරදුවට තබා  දැඩි කැපවීමකින් සෙවය කරන සුව සැරිය සේවකයන්ට වර්තමානයේ අත්වී තිබෙන ඉරණම බරපතල බව ඔහු සඳහන් කළා. තම සේවක අයිතීන් වෙනුවෙන් හඬ නැගීම ඔවුන්ගේ රැකියාව අහිමි කිරීමට තරම් බරපතල ලෙස මේ රජය සිතන්නේ නම් ඒ පිළිබඳව දැඩි ලෙස කණ්ගාටුවන බව ඔහු පැවසුවා. වැඩිදුරටත්  ඔහු කියා සිටියේ මෙම සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන අතර මේ පීඩාකාරී හැසිරීම් වහාම මැදිහත් වී නවත්වා සුවසැරිය සේවකයන් මුහුණදෙන ගැටලු නිරාකරණය කරන ලෙසට බල කරන බවයි.
 
වැඩකරන ජනබලවේගයේ කැඳවුම්කරු ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් අදහස් දක්වමින් අසා සිටියේ ලියාපදිංචි වෘත්තීය සමිතියක් විසින් තම සාමාජිකයින් මුහුණ දෙන ගැටළු පිලිබඳ මාධ්‍යයට කතා කිරීමේ වරද කුමක්ද යන්නයි. කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකර සංගමයෙ සභාපති, ලේකම්, උප සභාපති යන අයගේ වැඩ තහනම් කර ඇති අතර මෙය මේ රටේ භාෂණයේ නිදහසට, සංවිධානය වීමේ නිදහසට කරපු මරු පහරක් බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
 
1990 සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳවත් මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධවත් කාලාන්තරයක් තිස්සේ ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබඳවත් වැඩකරන ජනබලවේගය වෙනුවෙන් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් විසින් අදහස් දක්වන ලදී. වර්තමාන රජය අමාත්‍යංශ බෙදා වෙන් කරද්දී 1990 සුවසැරිය ගිලන් රථ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරිය යටතේ බව සඳහන් කරඇත.ඒ බව සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත්ද යන්න පවා ගැටලුවක් පවතින බව ඔහු සඳහන් කළා.
 
 

කිසිදු විනය පරීක්ෂණයක්, විනයානුකූල ක්‍රියාමාර්ගයක් හෝ නිදහසට කරුණු නොවිමසා අත්තනෝමතික ලෙස මේ ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා මෙම වෘත්තිකයන් ඉවත් කර තිබෙන ආකාරය පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කළා.සේවකයන් හට දැරිය නොහැකි බරක් පටවා පවත්වාගෙන යන 1990 සුවසැරිය ගිලන් රථ සේවය අයාලේ යැවීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් වග කිව යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුවසැරිය සේවක සංගමයේ සභාපති මයුමි ප්‍රියංගිකා ප්‍රකාශ කරන ලද්දේ ප්‍රධානීන්ගේ වගකීම් විරහිත ක්‍රියාවන්ගේ අහිතකර ප්‍රථිඵල සේවකයන්ට පමණක් නොව මහජනතාවටද අත්විඳීමට සිදුවිය හැකි බවයි. මක් නිසාද යත් ඔවුන් ආර්ක්ෂිත බව ඔවුන්ට කිවනොහැකි බවත් ඔවුන් පවසයි. ඇය විමසා සිටින්නේ ඔවුන්ගෙන් යම් කිසි ආකරයකට රෝගය ආසාධනය වුවහොත් එහි වගකීම ගන්නේ කවුද යන්නයි. මන්ද මෙම සුවසැරිය සේවකයන්ගේ පීසීආර් ()පරීක්ෂණයක්වත් සිදු කර නොමැති අතර අවශ්‍යය පරිදි සෞඛ්‍යාරක්ෂිත උපකරණ පවා ලබා දී නොමැති බැවිණි. එසේම මෙම සේවකයන් සඳහා නවාතැන් පහසුකම් සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති අතර බලධාරීන් විසින් ඒ පිළිබඳ තැකීමක් නොකරන බැවින් සේවකයන් නවාතැන් ගන්නේ පොළිස් ස්ථාන, පල්ලි, කච්චේරි, පන්සල්,ක්‍රීඩා පිටි වල බව ඇය සඳහන් කළා. මෙම ගැටළු බලධාරීන්ට කොතෙකුත් ඉදිරිපත් කළද විසඳුම් නොමැති අතර එම ගැටළු බාහිර පාර්ශවයකට කිව්වොත් රැකියාව අහිමි විය හැකිය. උකත ගැටළු ඇතුළු කම්කරුවන් පීඩාවට පත් වන කාරණා බොහෝ ප්‍රමාණයක් තිබෙන අතර මේවා මාධ්‍ය සාකච්චාවකින් පසුගිය 24 වෙනිදා හෙළි කළ නිසා 25 වෙනිදා සේවය අත් හිටුවීමේ ලිපි භාර දී ඇත.

 
සුවසැරිය සේවාවෙ කාර්යක්ෂමතාවය පිළිබඳ පාරම්බාන බලධාරීන් එහි සේවකයන් කෙරෙහි දක්වන අමානුෂික ක්‍රියාකලාපය සහ මර්ධනය වහා නවත්වන ලෙස ඇය ඉල්ලා සිටී.
 
WhatsApp Image 2020 11 29 at 12.50.11 PM 
සටහන - කල්ප මධුරංග
 
වැඩබිම