තැපැල් දෙපාර්තමේන්තු වෘත්තිය සමිති නායකත්වයේ කඩිනම් අවධානය සඳහා නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තු වෘත්තිය සමිති නායකත්වයේ කඩිනම් අවධානය සඳහා නිවේදනයක්

සියළු තැපැල් දෙපාර්මේන්තු වෘත්තීය සමිති නායකත්වයන් දැනුවත් කිරීම සඳහා විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති, චින්තක බණ්ඩාර මහතා විසින් කඩිනම් අවධානය සඳහා යොමු කර ඇත.

එම නිවේදයේ සඳහන් වන්නේ,

සියළු තැපැල් දෙපාර්මේන්තු වෘත්තීය සමිති නායකත්වයේ සිටින සහෝදර සහෝදරින් වෙත,

පවතින වර්ථමාන තත්ත්වය තැපැල් දෙපාර්මේන්තුවේ සියළු වෘත්තීය සමිති නායක සහෝදර සහෝදරියන් වෙත බර පතල වගකීමක් පැවරී ඇත. මෙහිදී මෙම වසංගත තත්ත්වයට සමගාමීව ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙන්ම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වල පවතින ක්‍රමවේදයන් රාජ්‍ය ප්‍රතිපත්ති මත වෙනස්කම් ගණනාවකට ලක්වෙමින් පවතී එමෙන්ම මෙම කටයුතු ක්‍රමක්‍රමයෙන් රජයේ නෛතික ක්‍රියා වලින් බවට ද පත්වෙමින් පවතී.

මේ අනුව රාජ්‍ය සේවකයෙක් ලෙස තැපැල් සේවකයාගේ හා අයතනයේ අනාගත පැවැත්ම පිළිබද පළල් සහ බුද්ධිමත් විග්‍රහයක් අප විසින් කළ යුතු බවට යෝජනා කරමු.

විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ සහ ලෝකයේ පවතින තත්ත්වය තුල සේවා සැපයීමේදී බරපතල ගැටළු ගණනාවකට මුහුණ දෙන ආයතනයක් ලෙස අප අපගේ සේවා සැපයීමේ ක්‍රමෝපායන් කාළානුරූපව වෙනස් කරමින් හුදෙක්ම මහජන අවශ්‍යතාවන් සපුරාලීම සදහා මෙන්ම සේවක කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තබා ගනිමින් කටයුතු කිරීම සදහා ක්‍රමවේදයන් සැලසුම් කර ගතයුතු වේ.

තවදුරටත් කාර්යාල වසා දමමින් ඉදිරියට යා නොහැකි බව පැහැදිලිය අප සියළු දෙනා ආරක්ෂා වෙමින් ආයතන පවත්වා ගැනීම කළ යුතු බව ලෝකයේ හා රටේ පවතින තත්ත්වය තුල පැහැදිලිය,වර්තමානයේ රට තුලද මෙවැනි තත්ත්වයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තැපැල් සේවාව තුල මෙවැනි ⁣ක්‍රමවේදයන් මේ දක්වා නිර්මාණය වී ඇති බවක් පෙන්නුම් නොකරන අතර මෙම තත්ත්වයන් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම වෘත්තීය සමිති ක්‍රියාදරයින් ලෙස සැමගේ  වගකීම බව පෙන්නා දෙමු.

මේ වන විට පවතින තත්ත්වය තුල සේවකයි න්ගේ මෙන්ම වෘත්තීය සමිතිවලත් මූලික අවධානය යොමුවන්නේ පවතින කොවිඩ් අවදානම තුල ජීවිතය ආරක්ෂාකර ගනිමින් කෙසේ හෝ රැකියාවට පැමිණ තමන්ට හැකි දේ කර නික්ම යාම හෝ කුමන හෝ සමහර සේකයින්ගේ ක්‍රියාව වී ඇත්තේ රජය විසින් ලබා දී ඇති සහනයක් උදව් කරගෙන රැකියාවට වාර්තා නොකර නිවසට වී කල් ගෙවීමයි. මෙම තත්ත්වය මේ මොහොතේ අපගේ ආරක්ෂාවට හේතුවිය හැක. නමුත් අප ආයතනයක් ලෙස අපගේ හෙට දවස පිළිබද මෙනෙහි කරන විට ඉතා බරපතල තත්ත්වයක් පවතින බව මේ හරහා විද්‍යාමාන වේ පෙර බොහෝ අවස්ථාවල නියෝජිත ආයතන ආදායම් මත පිහිටා තීරණ ගැනීමේ භයානක කම පිළිබද බොහෝ අය විසින් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත.මෙය යථාර්ථයක් බවට පත්වෙමින් මේ වන විට ආදායම් ලැබිය හැකි පැරනි නියෝජිත සේවා බොහොමයක් අපගේ සේවා ජාලයෙන් ඉවත් වෙමින් පවතී.

මේ නිසාවෙන්ම අප පවතින අපගේ සේවාවන් කාලයේ අවශ්‍යතාවය පරිදි මෙන්ම කාලයේ මහජන ඉල්ලීම පරිදි වහාම ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කරන අතර මේ සදහා වෙනස් වීමට හොදම අවස්ථාක් ලෙස මෙය දකිමු. මේ සදහා අවශ්‍ය මැදිහත් වීම සිදුකිරීම මේ අවස්ථාවේ ප්‍රමුඛ කාර්යය භාරය බව තරයේ ප්‍රකාශ කරමි, මේ පිළිබද වෘත්තීය සමිති නායකයින් සහ උනන්දුවක් දක්වන තැපැල් පවුලේ සියළු දෙනාගේ අවදානය යොමු කරවන අතර ඔබගේ ධනාත්මක අදහස් අපේක්ෂා කරමි.

මේ අවස්ථා⁣වේ මෙම අවශ්‍යතාවය මුහුණු ආවරණ,අත්වැසුම් සැන්ටයිසර් වලට වඩා වැදගත් බව අවධරණය කරමු.

වැඩබිම