ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයක
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන් සඳහා පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින්  දීපව්‍යාප්තව  නිහඬ විරෝධතා මාලාවක් සවිධානය කර තිබේ.
 
එම දීපව්‍යාප්තව සිදු කරන නිහඬ විරෝධතා මාලාවේ තවත් එක් විරෝධතාවයක් ඊයේ (02) දිනයේ දහවල් මාතලේ මහ රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
 
විරෝධතා මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක,  ලේකම් රවින්ද්‍ර කහඳවආරච්චි මහතා  පෙන්වා දෙන්නේ කොවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක ප්‍රවේශයකින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, අය-වැයෙන් සෞඛ්‍යයට වෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීම, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් අනතුරු දීමනාව ලබාදීම, නිරෝධායනයට ලක්වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් සහන සැලසීම යන කරුණු මුල් කරගෙන මෙම විරෝධතාව  සංවිධානය කර තිබෙන බවයි.
 
වැඩබිම